Tuesday 7 June 2011

සංස්කෘතික ගොලීයකරණය- 1
(වචනේ පොඩ්ඩක් බරපතලයි,පොඩ්ඩක් කියවල බලන්නකෝ )
කලියා පහුගිය දොහේ නැහීගෙන කරපු රිසේර්ච් 1ක් තමයි සංස්කෘතික ගොලීයකරණය එහෙම නැත්නම් කඩ්ඩෙන් කියනවනම් Cultural Globalization.  ඉහලින්  සංස්කෘතික ගොලීයකරණ ගැන රිසේර්ච් 1ක් කරන්න කිව්වහම කලියා ඇතුළු කල්ලිය මේ පිලිබදව අන්තර්ජංජාලයේ විපරම් කොලා.බොරැල්ලේ හන්දිය වගේ  හැම අතටම විහිදුනු සංස්කෘතික ගොලීයකරණ (ස.ගෝ) ගැන ලිපි එන්න පටන් ගත්තා.කලියා ඇතුළු කල්ලියට මේක ගැටළුවක් උනා, ඉතින් ඊට පස්සේ ගැටලුව ලිහන්නේ කොහොමද කියලා ගරුතුමා මග පෙන්නුවා. කලියටත් හිතුනා ස.ගෝ පිළිබද උගත් දෑ බෙදා ගන්න..

ගෝලීයකරණය පිළිබද මුලින්ම කතා බහ ඇති උනේ හැටේ දශකයේ අග බාගේදී,නුමුත් ගෝලීයකරණය සදහා ලොව පිළිගත් නිර්වචනයක් නොමැත. ඒ සදහා විවිද විද්වතුන් පළකරපු විවිද මතවාද අදහස් තිබෙනවා. ආර්ථිකය,වෙළදාම,සහයෝගීතාවය,සමාජීය යන දෑ සමග ගෝලීයකරණය බැදී ඇත. මින් සංස්කෘතික හා ගොලීයකරණ  ප්‍රධාන තැනක් ගනී, මක්නිසාදයත් සංස්කෘතිය කියන්නේ මානව ශිෂ්ටාචාරය සමග බද්ද වුවකි. සංස්කෘතිය වනාහි සමාජයකින් සමාජයකට,රටකින් රටකට,කලාපයෙන් කලාපයට හා මහද්වීපෙකින්    මහද්වීපයකට වෙනස් වන්නකි.එයට මිනිසුන්ගේ ඇවතුම් පැවතුම්,සිරිත් විරිත්, වටිනාකම් හා සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ඇතුලත් වේ. සංස්කෘතිය ගෝලීයකරනය වීම සරල පැහැදිලි කලොත් එක් සංස්කෘතියක ඇති ලක්ෂණ විවද මාධ්‍යන් (ක්‍රම)මගින් තවත්  සංස්කෘතියකට පේරණය වීමයි.විශේෂයෙන් මෙම මෙම පේරණ මාධ්‍ය ගැන සදහන් කළහොත්, වෙළෙද භාණ්ඩ,අන්තර්ජාලය හා ජනසන්නිවේදනය මුලික වේ . Coka Cola (Coke)  සංස්කෘතීන් අති විශාල ප්‍රමාණයක ගෝලීයකරණය වූ වෙළද භාණ්ඩයකි. අපේ ඉස්සර කිරිකොට් කණ්ඩායමේ මහතැන් දෙන්න කියන්නේ " Coke නැතිව කෑවත් නොකෑව වගේ "කියල. Mc Donald's අවන්හල් මෙයට කදිම නිදසුනකි,ලක්දීපේ කලියා දන්නා තරමින් මෙවන් අවන්හල් 3ක්(රාජගිරිය,කොලබ03,නුගේගොඩ) පමණක් තිබුනට ලෝකේ පුරා අවන්හල් 31000 රටවල් 120 තිබෙන අතර සෑම පැය 4 කට වරක් අවන්හලක් ලෝකයේ රටක විවුර්ත වේ.කලියාද සීත රටට විත් Mc Donald's 1kata  ගොස්  සංස්කෘතික ගොලීයකරණයට ලක් වූ වේය. කලියා Mc 1ke සිටි සුරූපී ලලනාවකුගෙන් මැක් රයිස් 1ක් ඉල්ලුවේය, ඉනික්බිතිව ලලනාව පුදුම වී එහම දෙයක් ගැන අසාවත් නැති යයි පැවසීය. මෙයට හෙතුව කලියා ඇකඩමික් ජර්නලයක් කියවනකොට දැන ගත්තා,එනම් විවිද  සංස්කෘතීන්ට ගැලපෙන සේ  Mc Donald'ස තමන්ගේ ආහාර වට්ටෝරු වෙනස් කරන බවයි. ල්ක්දීපේ ප්‍රධාන අහාරය බත් නිසා Mc Donald's  බත් වලින් පිසූ අහාර වේලක් පිළියෙළ කොට ඇත.ලෝකෙම  පොලිස්කරයා නොහොත් ඇමෙරිකාවද   සංස්කෘතික ගොලීයකරණය භූමිකාව තුල ප්‍රධාන චරිතයක් රග දක්වයි. අමෙරිකානුවාදය (Americanization)  ලෙස මෙය   සංස්කෘතික ගොලීයකරණය තුල දක්නට හැක. ඉහත සදහන් කල වෙළද භාණ්ඩ දෙකේම නිජ බිම ඇමෙරිකාවයි. අමෙරිකානුවාදය හා  සංස්කෘතික ගොලීයකරණය ගැන ඊලග ලිපියෙන් සවිස්තරාත්මකව විග්‍රහ කරනු ඇත. මෙම ලිපියේ ඉතිරි කොටස ලගදීම බලාපොරොත්තු වන්න ,

කලියා  
   

1 comment:

  1. අපරාදේ බන්.. mac rice අහලා නැත්තන් උඹ කියලා දෙන්න එපාය ඒ කෙල්ලට.ලිපිය සිරා හොඳේ.. චූටි යෝජනවාක් තියෙනවා ජේද වෙන් කොරන්න කියලා.. එහෙම තිබ්බා නම් කියවන්න ලේසියි වගේ..

    ReplyDelete