Monday 6 June 2011

චාටර්කෑම

චාටර්කෑම

ඔන්න එකෝමත එක කාලෙක කලියුගයා සා.පෙල ලියා නිවාඩුපාඩු වේ නිවසේ සිටින දිනයකි.ඔහොම ඉන්න කොට දුරකථනය නාද වීමට පටන් ගැනුනි,එ කල කලියාට අතට අහුවෙන තරමේ ජල්තරයක් නොවීය.අමතුමේ අනෙක් පසෙ හි සිටියේ, කලියගෙ අතිජාත මිතුරෙකි,ඔහු නමින් සිරා වේ(මෙය ඔහුගේ සත්‍ය නම නොවේ)."මචන් කලියා දානයක් තියනවා දන්න පොරකගෙ ගෙදර, එනවද යන්න"?.කලියා එක පයින්ම කැමති විය.මොක්ද එකල කාලය මරීමට මුහුනු පොත ගැනවත් දැන ගෙන හිටියෙ නෑ නෙ.සිරා විනාඩි 10යක් යන්නත් කලින් කලි ගෙදෙරට සේන්දු උනා.කන්න බලාගෙන යන නිසා ටිකක් පරක්කු වෙලා 1කට විතර දානෙ ගෙදර පැත්තට ගිනි මද්දහනෙ ඩබ්ල් දාලා ෆුටර් 1කෙන් 2න්නා,දානෙට පිලිවෙලින් ගොඩ බෑවා.හරිම අමුතුයි!! දානෙ ගෙයක් කියලා නාමයක් වත් නෑ...අඩුම ගානෙ මොටොර් බයිසිකලයක් වත් නෑ.කලියා & සිරා අතර මෙසේ සන්වාදයක් ඇතිවිය.
කලියා-සිරො උබට හොදටම ශුවර් ද?
සිර-ඔව් කොල්ලො
කලියා-මෙක අරූගෙ ගෙදරද?
සිර-ඔව් බන්..අර උගේ ෆුටත් තියෙන්නෙ..
ඩෙන්නම ගෙදර සීනුව නාද කලා..ඇන්ටි ගෙදරින් එලියට විත්,''ආහ්හ්..මොකද මෙ පුතාල දෙන්නා..අන්න යාලුවා හොදටම නිදි..''සිරා "ඇන්ටි දානේ"?"පුතේ හීල් දානෙ නෙ තිබුනෙ"...එහෙනම් යන්ම් ඇන්ටි...සිරා ගෙ කොමියුනිකේෂන් 1කෙ අන්ජබජ්ල නිසා කලියට දවල්ට කෑම නැති වුනි.ෆුටර් 1ක පැද්ද මහන්සිය හා ගෙදරින් ගොස් එය කීමෙන් කලියා නෝන්ඩි බාල්දියක් වක් කර ගත්තේය.සිරා දැනට ල0කාවේ හොදම විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන අතර කොමියුනිකේෂන් 1කෙ අන්ජබජ්ල පෙර සේ තාමත් පවතී,එය සුව කල නොහැකි රෝගයක් බව බටහිර වෙදදුරෙක් වන් ඔහුගෙ අය්යන්ඩිය කලියාට වරක් පවස තිබේ.
කලියා

9 comments:

  1. ඔන්න ඉස්සෙලාම මගෙන් සුභ පැතුම්...බ්ලොග් ලෝකයට සාදරයෙන් පිලි ගන්නවා. චාටර් වැඩේ තමා..සිර කව්ද...බ්ලොග් එකේ සින්දු ලියන එකාද? :D

    ReplyDelete
  2. සින්දු ලියන මල්ලිට නම් කොමියුනිකශෙන් ජල්තරේ නෑ.ඔබතුමා හොදට දන්න අදුනන කෙනෙක්.බොහොම ස්තුති කලියට උදේ පාන්දරම කික් 1ක් දීලා අප් කරාට.:

    ReplyDelete
  3. කව්ද ඩො සින්දු කියන එකා ආහ්??? හික්ස්ස්ස්.. මම නම් දන්නවා ඔය සිරා.. පොර නේද අර ළමයෙක්ගේ වතුර බෝතලේට..........
    එල එල කලියුගේ, ඔහොම යන්...:-)

    ReplyDelete
  4. කලියාගේ විස්තරය දුටු විට මෙය කීමට සිත විය.. කලියෝ හිතන තරම් පේරාදෙණිය ආතල් නැත.. එහි ගොස් කෙල්ලෙක් දමා ගන්නේ නම් මිසක් හෝ වෙනත් ........ නැත්තන්, මම දන්නා තරමින් එහි වෙන ෆන් එකක් නම් නැත. සමහර විට ඒ මට පමණක්ද විය හැක.. උඹ මගේ හැටි දන්නවා නේ..

    ReplyDelete
  5. රවී ඔය වචන ටිකම ඇති සිරා ගැන දැන ගන්න..හික්ස්...නමුත් රවියෝ..එක එහම වෙන්නැති.කලියගෙ හීනයක් නෙ ඒක...හීනෙ සැබෑ කරගත්තෙ නැති නිසා කලියා තාම එහීනේ සැරින් සරේ දකිනවා....:)

    ReplyDelete
  6. Kaliugaya kauruth dani.sira danno danithi..........

    Elakiri macho go forward

    ReplyDelete
  7. අයියෝ ..........
    මාර චාටරේනෙ කාලා තියෙන්නෙ .........
    ඔය කාලෙට ඔව්වා සුළු දේවල් .......

    ReplyDelete
  8. ගණන් ගන්න එපා පුතා, ඕව බොහොම චුටි චාටර්.....

    ReplyDelete
  9. නලියෝ ගොඩක් ස්තුති, කල්හාර සහෝදරයා මේකනම් සුළු චාටර් 1k තමයි. observer uncle මේ සුළු චාටර් 1ke ඉදන් තමයි සිරා මට සිරාම සිරා චාටර් සෙට් කලේ .බොහොම ස්තුතියි හැමෝටම !!!

    ReplyDelete